ගබ්සා බේත් වික්ක හොර දොස්තරට ඇමක් දායි

gabsabeth

නිට්ටඹුව නගරයේ කාලයක් තිස්සේ ගබ්සා සදහා, යොදාගන්නා බෙහෙත් හොර රහසේ අලෙවි කළැයි කියන දොස්තර “චමිල්“නමැති අනවර්ථ නමකින් පෙනී සිටින හොර වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසිය කියයි.

නිට්ටඹුව පොලිසියේ කාන්තා පොලිස් කොස්තාපල්වරියක ගැබිනියකසේ වෙස් වලාගෙන ගොස් රුපියල් විසිපන් දහසකට අලෙවි කරන ගබ්සා බෙහෙත් හොර වෛද්‍යවරයාගෙන් ලබා ගත් අවස්ථාවේදී ඒ අසල සැඟවී සිටි තවත් පොලිස් නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බවද පොලීසිය කිය.

කලකට පෙර නිට්ටඹුව නගරයේ හොර රහසේ පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක මොහු වසර ගණනාවක් තිස්සේ සේවය කර ඇති තැනැත්තකු බවට මූලික පොලිස් පරික්ෂණවලදී හෙළි වී තිබේ.

එම ගබ්සා මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය වෛද්‍යවරයා මිය යාමෙන් අනතුරුව සැකකාර හාර වෛද්‍යවරයා ඒ ආසන්නයේම පොත්පත් ඇතුළු ලිපි ද්‍රව්‍ය අලෙවි කිරිමේ මුවාවෙන් වෙළෙඳ සලක් පවත්වා ගෙන යමින් ගබ්සා බෙහෙත් අලෙවි කිරිම හොර රහසේ මහා පරිමාණ ජාවාරමක් වශයෙන් කර ගෙන ගොස් ඇති බවද පරික්ෂණවලදී හෙළි වී ඇති බව පොලිසිය කියයි.

දිවයිනේ විවිධ පළාත්වල කාන්තාවන්ට තැරැව්කරුවන් මගින් මොහු ගබ්සා බෙහෙත් අලෙවි කර ඇති බවත් එක් අයකු සඳහා දෙනු ලබන ගබ්සා බෙහෙත්වලට මොහු රුපියල් විසිපන් දහසක මුදලක් අය කරන බවද පරික්ෂණවලදී හෙළි වී තිබේ.

මොහු වෙද්‍යවරයකු නොවන බවත් දොස්තර “චමිල්” නමින් පෙනී සිටින හොර වෛද්‍යවරයකු බවද පොලීසිය කීය.

Related posts