ගම්පහින් ආසාදිතයන් 2424ක්

corona

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 2424 දෙනෙකු හමුව ඇති බවත් මින් 266 දෙනෙකු වන වැඩිම පිරිසක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.

දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් ආසාදිතයින් හමුවීම ගම්පහ කොට්ඨාසයෙන් – 215 ක්, බියගම – 203 ක්, දොම්පෙ -198 ක්, ජාඇල – 181 ක්, වත්තල – 174 ක්, කැලණිය – 156 ක්, මිනුවන්ගොඩ – 151 ක්, කටාන – 149 ක්, සීදූව – 147 ක්, දිවුලපිටිය – 141 ක්, මීගමුව – 123 ක්, රාගම – 120 ක්, මීරිගම සහ අත්තනගල්ල කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් 100 වශයෙන් සිදුව ඇත.

Related posts