ජනපතිගේ පළමු ව්‍යාපෘතියෙන් කිලෝමීටර් ලක්ෂයකට කාපට්

මෙරට අබලන්ව ඇති ග්‍රාමීය අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කර සංවර්ධනය කිරීමේ විශේෂ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය 19 වැනි දින පෙරවරුවේ ගම්පොළ ගලහා ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වේ.

රජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති මෙම වැඩපිළිවෙළ ජනාධිපතිවරයා සහභාගි වන පළමු සංවර්ධන වැඩසටහනද වේ.

Related posts