ජපුර ආසාදිතයන් කොරිඩෝවේ – රෝගීන් වැඩි වුණොත් විකල්ප

japura-hos

ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ කොරෝනා ආසාදිතයන් සදහා වෙන් කරන ලද වාට්ටු පිරී ගොස් ඇත.

මේ වන විට ආසාදිතයන් එහි කොරිඩෝවේත්, බිමත් සිටිනු දක්නට හැකිය.

මේ තත්වය මත කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් තවත් වාට්ටු වෙන් කිරීමට කටයුතු කරමින් ඇත.

රෝගීන් වැඩි වුණොත් විකල්ප

දෛනික කොරෝනා රෝගීන් අඛණ්ඩව ඉහළ ගිය හොත්, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, ඒ අනුව, ත්‍රිවිධ හමුදාව, විශ්‍රාමික කාර්ය මණ්ඩලය සහ පෞද්ගලික අංශ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු කණ්ඩායම් ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අනියුක්ත කරගැනීමට පියවර ගන්නා බවයි.

මේ අතර, කොරෝනා රෝගීන් ප්‍රවාහනයට ගිලන් රථ ප්‍රමාණවත් නොවන්නේ නම්, ප්‍රාදේශීය මට්ටමින් සුදුසු වැඩපිළිවෙළකට යොමු වීමට අවශ්‍ය පියවර ගන්නැයි, සියලු පළාත් අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් දී ඇතැයි ද, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

 

Related posts