ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ෆයිසර්වලින් තෙවැනි මාත්‍රාවක්

corona-sinopharm

රට විවෘත කිරීමේදී සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් ලබා දුන් වයස අවුරුදු 60ට වැඩි පිරිසට ෆයිසර් එන්නතින් තුන් වැනි මාත්‍රාවක් ලබාදීමට ප්‍රමුඛතාව දෙන්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

වයස අවුරුදු 60 ඉක්මවූවන්ට සයිනොෆාම් එන්නතින් ලැබෙන ප්‍රතිශක්තිකරණය අඩු බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පැවැසීය.

සයිනොෆාම් එන්නත ලබාදුන් අවුරුදු 60 ඉක්මවූවන්ගෙන් සියයට 7ක පිරිසකට ප්‍රතිශක්තිකරණයක් වී නොමැති බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කළ පර්යේෂණයකින් හෙළි වී ඇතැයි කී හෙතෙම එම අඩුව පිරවීම සඳහා සුදුසුවන්නේ ෆයිසර් එන්නත යැයි අවධාරණය කර කීය.

Related posts