ජාතියක අවසානයද? – ජනපතිට තීරණාත්මක ලිපියක්

මෙරට සිදුවෙමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය මත දැඩි සංචරණ සීමා ඉක්මනින්ම පැනවීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී මහා ජාතික ව්‍යවසනයක් සිදු වනු ඇති බව මෙරට ප්‍රධානතම වෛද්‍ය සංගම් 04ක් එක්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

පවතින තත්ත්වය මත ඉදිරි සති කිහිපයේදී සහ ඉන්පසු කොරෝනා මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල යා හැකි බවද එම ලිපිය මගින් පෙන්වා දෙයි.

රෝගය පැතිර යාම ක්ෂණිකව පාලනය නොකළහොත් ඒ සඳහා වියදම්ද ඉදිරියේ දී බරපතළ වනු ඇතැයි ඔවුන් පෙන්වාදී ඇත.

ශ්‍රී ලංකාවට ඔක්සිජන් සහ කෘතිම ස්වසන ආධාරක යන්ත්‍ර ලබාදෙන්නයි චීනයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් ඉහළ ගොස් රෝහල් ධාරිතාව ඉක්මවා යමින් තිබියදී මෙම ඉල්ලීම අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මගින් මෙම ඉල්ලීම සිදු කර ඇතැයි සඳහන්ය.

 

Related posts