ජිනිවා යෝජනාව ගැන රජයේ තීරණය දැනුම් දෙයි

jiniwa

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය අද ස්ව්ට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමපිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහාය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ජනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි එළිසබෙත් ටිචි ෆිෂ්ල්බර්ගර් මහත්මියට දැනුම් දී ඇත.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙන බවත් අමාත්‍යවරයා, මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය හමුවීමට නියමිත බව ද සදහන් වේ.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  සමුළුව අමතා අදාළ යෝජනා ඉදිරිපත් කිරීමටද නියමිතයි.

Related posts