ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ගෙන් රතු එළියක්

jiniwa

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවත ඇතිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය සඳහා මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් අනතුරු හඟවා ඇත.

විවිධ චෝදනාවන්ට ලක් වූවන්ට දඬුවම් ලබා නොදීම සහ ප්‍රතිසංධානයට, මානව හිමිකම් ප්‍රවර්ධනයට හා වගවීමට අදාළ ආයතන දිරිමත් කිරීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි බව මෙමගින් පෙන්වා දෙයි.

එළඹෙන පෙබරවාරි 24 වැනිදා සිට මාර්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙවර ජගත් මානවහිමිකම් මණ්ඩලය වෙනුවෙන් සකස් කළ මෙම වාර්තාව මහකොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කර ඇත්තේ පසුගිය පෙබරවාරි 18 වැනිදාය.

අතීතයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවත සිදු නොවන බවට ශ්‍රී ලාංකික ජනතාවට කිසිදු සහතිකයක් නොමැති බව මානව හිමිකම් කොමසාරිස්වරයා සිය වාර්තාවේ අවසාන වෙද්දී අවධාරණය කර ඇත.

Related posts