ඩෙංගු මර්දන සහායකයන් පාරට බසිති

පැවති රජයත් වර්තමාන රජයත් තමන්ගේ පත්විම් ස්ථිර නොකර වසර හතරකට වැඩි කාලයක් තිස්සේ තමන් රවටමින් සිටින බව  සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායිකයින්ගේ සංගමය කියයි.

2017 මාර්තු මාසයේ පත්විම් ලද ඩෙංගු මර්දන සහායකයින්  සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ස්ථිර කිරිමට ගෙන ඇති තිරණයට විරෝධය දක්වමින් කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු මර්දන සහායකයින් කළුතර නගරයේ දි නිහඩ විරෝධතාවයක නිරතවිය.

දහවල් කෑම පැයේ  කළුතර  නගරයේදි නිහඩ විරෝධතාවයට එක්වෙමින්  සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමයේ කළුතර දිස්ත්‍රික් සභාපති  චානක සමිර මහතා කියා සිටියේ  වසර හතර හමාරක කාලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කළ තම සාමාජිකයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේම ස්ථිර කරන ලෙසයි.

එස්. පොද්දෙණිය – මිගහතැන්න

Related posts