තවත් කොරෝනා මරණ 67 ක්

deathbody

තවත් කොරෝනා මරණ 67 ක් ඊයේ දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අතරින් මරණ 19ක් මැයි මස 17 වනදා සිට 31 වනදා දක්වා සිදුව ඇති අතර මරණ 48 සිදුව ඇත්තේ ජුන් 01වනදා සිට ජුනි 08වනදා දක්වා කාලය තුළයි.

මෙම මරණ සංඛ්‍යාව එක් දිනක් තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව වනවා.

මිය ගිය පිරිස අතර කාන්තාවක් 24 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 43 දෙනෙකු වන බවයි සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවරු කර ඇත්තේ. නිවසේදී මිය ගිය පුද්ගලයින් 06 දෙනෙකු සහ රෝහල් ගත කරන අවස්ථාවේ මිය ගිය 05 දෙනෙකුද ඒ අතර වනවා.

ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා මරණ ගණන 1,910ක් දක්වා ඉහල ගොස් ඇති බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Related posts