තවත් සති තුන හතරකින් භයානක තත්ත්වයක්

corona

කොළඹ අයි ඩී එච් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා සිටින්නේ නිසි පියවර නොගතහොත් තවත් සති තුන හතරකින් අති භයානක තත්ත්වයක් මෙරට ඇතිවිය හැකි බවයි.

ඒ අනුව සමාජයේ සියලු දෙනාම එක්ව කොරෝනා පාලනය කිරීමට කටයුතු කළ යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යයවරයා පවසා සිටියේ වෛරසය ලංකාව තුළ තවදුරටත් වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් ඇති බවත් එය පාලනය කිරීමට ගත හැකි සියලු පියවර ගත යුතු බවත් අද ගත යුතු පියවර අදම නොගතහොත් ලංකාව භයානක තත්වයකට පත්වනු ඇති බවත්ය.

වයස අවුරුදු 55 ට වැඩි කවරෙකුට හෝ ස්වසන අපහසුතා වැනි කොරෝනා ආශ්‍රිත රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව රෝහලකට ඇතුළත් වන ලෙස හෝ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගන්නා ලෙස කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානය ප්‍රධානි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඒ බව නිවේදනය කරයි.

කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට වයස අවුරුදු 60 ඉක්මවූ කොරෝනා ආසාදිතයන් බාර නොගන්නේ යැයි පවසමින් කොරෝනා ආසාදිත කාන්තාවක් නැවතත් නිවසට ගෙනවිත් දමා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Related posts