දරුණු “ඩෙල්ටා” ප්‍රභේදය කොළඹ තවත් ප්‍රදේශයක

ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මෙවැනි තත්ත්වයක් වාර්තා වන සෑම අවස්ථාවක දීම අදාළ පියවර ගැනීමට වසංගත රෝග විද්‍යා ඒකකය කටයුතු කරමින් සිටින බවයි වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ.

එවැනි ආසාදිතයෙක් හමුවු බවට වාර්තා වන්නේ නම් අදාළ පළාත්වල සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් නිසි ක්‍රියාමාර්ග ගනු ලබන බවද වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

 

Related posts