දරුවාට මත්පැන් පෙවු අය අල්ලයි

arrack arest

සිව් හැවිරිදි දරුවෙකුට මත්පැන් පෙවු පුද්ගලයෙකු පෑලියගොඩ මුලස්ථාන‌ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පෑලියගොඩ, නුගේ පාර පදිංචි 25 හැවිරිදි අයෙකි.

කුඩා දරුවෙකුට බියර් ටින් එකක් ලබා දෙන වීඩියෝවක් ඊයේ (10) සමාජ මාධ්‍ය වල සංසරණය විය. මේ පිලිබඳ වහාම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබු අතර ඒ් අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මීට පෙර ගල්ගමුව ප්‍රදේශයේ නිවසකද කුඩා දරුවෙකුට මත්පැන් පෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ශානිකා

Related posts