දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවය ඉක්මවයි

මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් ඇතැයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

තරුණ ප්‍රජාවට වැඩි සංකූලතා පැමිණීම ඊට හේතුවී ඇති බව ඇය සඳහන් කළාය.

මෙතෙක් ක්‍රියාත්මක නොවූ දැඩි සත්කාර ඒකක සඳහා වහාම කාර්ය මණ්ඩල අනුයුක්ත කරමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින දැඩි සත්කාර ඒකක ඇදන් ප්‍රමාණය 700ක් පමණ වන බව වෛද්‍ය සැපයුම් අංශය සදහන් කළේය.

මෙරට රෝහල් සඳහා ඔක්සිජන් සැපුයම සිදු කරන්නේ මෙරට තුළ පවතින සමාගම් 2කි.

සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ලිපියක් යොමු කරමින් ඔවුන්ගේ ධාරිතාවය පිළිබඳව ද විමසා ඇතැයි වෛද්‍ය සැපයුම් අංශය සඳහන් කළේය.

එම සමාගම් ප්‍රකාශ කර ඇත්තේ දැනට සැපයුම් කරන ඔක්සිජන් ප්‍රමාණය මෙන් තුන් ගුණයක ධාරිතාවයක් තමන්ට සැපයිය හැකි බවය.

Related posts