දිනක ආසාදිතයින් 1000 පනී – මරණ 8යි – අධිවේගයෙනුත් කොරෝනා මතුවෙයි

corona-outbreake

ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 1111 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 103,487 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම සංඛ්‍යව දිනක් තුළ මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වේ.

ඊයේ තවත් මරණ 8ක් වාර්තා වීමත් සමගින් මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 655 දක්වා ඉහළ යනු ඇති.

අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුවේ සේවකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් අද(28) උදෑසන 6.00 සිට අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුවෙන් නැවත දැනුම් දෙනතුරු ඕනෑම වාහනයකට ඇතුල්විය හැකි පරිදි ගේට්ටු විවෘත කර ඇති අතර ටිකට් පත් නිකුත් නොකරන බව අධිවේගී මාර්ග පරිපාලනය පවසයි.

කොට්ටාව හුවමාරුවෙන් පිටතට පැමිණිය හැක්කේ ගිලන් රථ හා බස් රථ වලට පමණි.

අධිවේගී මාර්ගයෙන් පිටවීමේදී කොට්ටාව හුවමාරුව භාවිතා නොකොට අතුරුගිරිය හා කහතුඩුව හුවමාරු භාවිත කරන ලෙස ද රියැදුරන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව එම ප්‍රදේශවලින් පිටවීම සම්පූර්ණයෙන් තහනම් බව පොලීසිය පවසයි.

Related posts