දිස්ත්‍රික්ක කිහිපයක ග්‍රාම නිලධාරී වසම් හුදකලා වෙයි – දඹුල්ලත් වැසේ

lockdown

ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කෙරේ.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයට අයත් මිරිස්වත්ත සහ පැලවත්ත උතුර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම් සහ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයට අයත් පුම්පුහාර් ග්‍රාම නිලධාරී වසමද ඊයේ (26) රාත්‍රී 8.00 සිට හුදෙකලා කර ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් පල ප‍්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ කටුදාම්පේ ග්‍රාම නිලධාරී වසම් ද හුදෙකලා කිරීමට තීරනය කර ඇත.

බුත්තල නගරයේ සියලුම වෙළෙඳසැල් මේ වනවිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව එම වෙළෙඳ සංගමය පවසයි.

කොවිඩ් ආසාදිත පුද්ගලයන් 17 දෙනෙකු හඳුනා ගැනීමෙන් අනතුරුව පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිරිකෙත ජනපදය හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත.

මීට අමතරව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ද හුදකලා කෙරෙනු ඇති.

Related posts