නිදහස් පක්ෂයේ 15ක් සජිත්ගේ සහයට

ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනකුට නාම යෝජනා ලබාදීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවැත්වූ සියලූ සාකච්ඡා සාර්ථක වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු බණ්ඩාර අතුකෝරල මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන් විශාල පිරිසක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග තමන් සමග එක්වන බවත්  වැඩිදුරටත් කියා සිටියි.

Related posts