නිරෝධායනයට අකැමැති වී හැසිරු‌ණොත් සිරදඬුවම්

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන අකැමැති වී හැසිරු‌ණොත් සිරගත කිරීමට හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කරයි.

මෙරටට පැමිණෙන දෙස් හෝ  විදෙස්  පුද්ගලයන් නිරෝධායනයට ලක්වීමට අකැමැත්තක් දක්වන්නේ නම් ඔවුන් නැවත පැමිණි රටවලට පිටත් කිරීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කළේය.

කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයකුට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවැරිය හැකි බවත් එහිදී වරදකරු වුවහොත් මාස 6ක සිරදඬුවමක් විඳීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කරයි.

Related posts