නිරෝධායන ඇඳිරිනීතිය යළි දීර්ඝ වෙයි

දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා දක්වා දීර්ඝ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු සාකච්ඡාවේදී අදාළ තීරණයට එළඹි බවය.

Related posts