නිරෝධායන ක්‍රියාවලියට බාධා කිරීමට සාමාජීය හෝ නීතිමය වශයෙන් අයිතියක් නැහැ

කෝවිඞ් 19 වෛරසය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම මගහරවා ගැනීම සඳහා රජය මගින් ගෙන යනු ලබන නිරෝධායන ක්‍රියාවලිය ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සඳහා පමණක් නොව විදේශිකයන් සඳහා ද අදාළ වන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියා.

රටේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන නිරෝධායන ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කිරීමට කිසිදු පුද්ගලයෙකුට සාමාජීය හෝ නීතිමය වශයෙන් අයිතියක් නොමැති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

තමන්ගේ මෙන්ම තම සමීපතමයන්ගේ සහ රටේ සමස්ත ජනතාවගේ ආරක්ෂාව සඳහා ඊට අනුගතවී කටයුතු කරන ලෙස රජය අදාළ පාර්ශව වලින් ඉල්ලා සිටිනවා.

Related posts