නුවරඑළියෙන් කොවිඩ් ආසාදිතයන් 123ක්

corona

නුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් 16වන දින උදැසන වන විට ලැබි ඇති වාර්තා මත අලුතින් කොවිඩ් ආසාදිතයන් 123 දෙනකු හදුනා ගැනිමත් සමග  මෙම දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් ගණන 5960 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මෙම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවලදි ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂාවල වාර්ථ 16වන දින උදැසන ලැබිමෙන් පසු මෙම ආසාදිතයන් අඹගමුව, වලපනේ, නුවරඑළිය, නව තිස්පනේ, ලිදුල, යන සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශවලින් හමුව ඇති බවත් මෙම ආසාදිතයන් අතරින් ආසාදිතයන් 4382ක්ම අලුත් අවුරුද්දෙන් පසුව හමුව ඇති බවත්ය.

මෙසේ අලුතින් හමුවු ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා පරික්ෂන ආරම්භ කර ඇති බවත් එසේ හමුවන ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි.

මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් සමස්ථ කොවිඩ් ආසාදිත මරණ 85ක් වාර්ථාවි ඇති බවත් එම මරණ අතරින්ද කොවිඩ් ආසාදිත මරන 73ක්ම අලුත් අවුරුද්දෙන් පසුව වාර්ථාවි ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් වුටන් ප්‍රදේශයේ පුද්ගලයකු කොවිඩ් ආසාදනය විමෙන් මිය ගොස් ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කොටගල වුටන් ප්‍රදේශයේ අවුරුදු 83ක් වයැසැති පිරිමි පුද්ගලයකු 13වන දින ඔහුගේ නිවස තුලම මිය ගොස් ඇති බවත් එම මල සිරුර පි. සි. ආර්. පරික්ෂාවට ලක් කිරිමෙන් පසු 16වන දින ලැබුන වාර්ථා මත එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගෙන ඇති බවත්ය.

එම තත්වයන් මත එම මල සිරුර කොවිඩ් රේගුලාසි යටතේ අදාහනය කිරිමට පියවර ගෙන ඇති බවත් එසේ මිය ගිය පුද්ගලයාගේ පවුලේ අය හා එම පුද්ගලයාගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර  සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts