නොර්වුඩ් ඇගලුම් කම්හලක් වසයි – බගවන්තලාවෙන් තවත් ආසාදිතයන් 20යි – පි. සි. ආර්. අක්‍රිය වෙයි

closed

නොර්වුඩ් පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයන් 09 දෙනකු හමුවිමත් සමග එම ඇගලුම් කම්හල විෂබිජ හරණයට ලක් කල යුතු බැවින් එම ඇගලුම් කම්හල තාවකාලිකව වසා දැමිමට උප දෙස් දුන් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ඇගලුම් කම්හලේ සේවිකාවන් හදිසියේ රෝගාතුර විමත් සමග කරන ලද ඇන්ටිජන් පරික්ෂාවලදි එහි සේවිකාවන් 09 දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට හදුනා ගත් බවත්ය.

එම ආසාදිතයන් හමුවිමත් සමග එම ඇගලුම් කම්හලේ තවත් සේවිකාවන් 200කට අධික පිරිසක් ඇන්ටිජන් පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් එම තත්වයන් මත මෙම ඇගලුම් කම්හල විෂබිජ හරණයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් එම තත්වයන් මත මෙම ඇගලුම් කම්හල විෂබීජ හරණයට ලක් කරන තෙක් තාවකාලිකව වසා දමන ලෙස එහි පාලන අධිකාරියට උපදෙස් දුන් බවද පවසන ලදි.

බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 20 දෙනකු හමුව ඇති බව බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් බැලැන්කි බෝනි, ෆෝඩයිස්, සෙන්ට් ජෝන් ඩිලරි යන වතුවලින් මෙම ආසාදිතයන් 10වන දින උදේ  හමුවු බවත් මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා මේ වන විට පරික්ෂන ආරම්භ කර ඇති බවත් එම නිලධාරියා පවසන ලදි.

මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම පිරිස්ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් මේ වන විට වතුකරය තුල කොවිඩ් ආසාදතය වැඩි වශයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

නුවරඑළිය පි. සි. ආර්. පරික්ෂා කිරිමේ යන්ත්‍රය ක්‍රියා විරහිතවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් පරික්ෂා කිරිම් කල් යාමෙන් කොවිඩ් පැතිර යාම් දැඩි ලෙස ඉහල යාමේ අවදානමක් පවතින බව ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරින් කිප දෙනකුම පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම නිලධාරින් පවසනුයේ මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව හා තවත් ප්‍රදේශ තුලින් කොවිඩ් ආසාදිතයන් හමුවන බවත් එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගන්නා පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කලද එම පි. සි. ආර්. වාර්ථා නිසි ලෙස කලට වේලාවට නොලැබිම විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත්ය.

මෙම පි. සි. ආර්. පරික්ෂා කිරිම් නුවරඑළියේදි සිදු කරන බවත් එහෙත් මේ වන විට නුවරඑළියේ පිහිටි පි. සි. ආර්. යන්ත්‍ර අක්‍රිය විමත් සමග සමහර අවස්ථාවලදි පි. සි. ආර්. පරික්ෂන බදුල්ලට යවා සිදු කරන බවත් මෙම තත්වයන් මත කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය.

මෙසේ අක්‍රිය තත්වයේ පවතින පි. සි. ආර්. යන්ත්‍ර කඩිනමින් ක්‍රියාත්මක තත්වයන්ට පත් කිරිමට අදාල බලධාරින් පියවර ගත යුතු බවත් එසේ නොවුනහොත් නුවරඑළිය දිස්ත්‍රික්කය තුල කොවිඩ් වසංගතය විශාල ලෙස පැතිර යාමේ දැඩි අවදානයක් පැවතිය හැකි බවද ඔවුන්  පවසති.

මේ වන විටද නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ලෙස හදුනා ගත් විශාල පිරිසකගේ වාර්ථා ලැබිමට තිබෙන බවද එම තත්වයන් මත මේ වන විට හමුවන ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂන නොකර දින 14ක් ඔවුන්ගේ නිටවස් තුලම ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරින් තව දුරටත් පවසන ලදි.

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව රැක ගැනිම සදහා නගරයේ ජනතාව ගැවසෙන විවිධ ස්ථාන විෂබීජ හරණය කිරිමට පියවර ගන්නා බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ පවතින කොවිඩ් වසංගත තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව රැක ගැනිම සදහා ජනතාව වැඩි වශයෙන් ගැවසෙන පොදු ස්ථාන විෂබීජ හරණය කිරිමට පියවර ගෙන ඇති බවත්ය.

එම  තත්වයන් මත මේ වන විට දිනපතා විවිධ ස්ථාන විෂබීජ හරණයට ලක් කිරිමට නගර සභාවේ සෞඛ්‍ය අංශ සේවකයන් යෙදවිමට පියවර ගෙන ඇති බවද ඔහු පවසන ලදි.

මෙම කොවිඩ් වසංගත තත්වයෙන් ජනතාව බේරා ගැනිම නගර සභාවට පමනක් කල හැකි දෙයක් නොවන බවත් මෙම වසංගතයෙන් බේරිමට ප්‍රදේශයේ සියලුම දෙනාගේ සහය අවශ්‍ය බවත් එම නිසා සියලුම දෙනා මුඛ ආවරණ නිසි ලෙස පැලැද සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලි පැදිමට කටයුතු කරන ලෙස සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts