පදුපොල ස්වාමින් වහන්සේලා නව නමකට කොවිඩ්

corona1

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් පදුපොල ශ්‍රි සුදර්ශණාරාම විහාරස්ථාන පිරිවෙනේ ස්වාමින් වහන්සේලා නව නමක් (09) කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගැනිමත් සමග එම පිරිවෙන් විහාරස්ථානය වසා දැමිමට පියවර ගෙන ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම විහාරස්ථාන පිරිවෙනේ ස්වාමින් වහන්සේලා පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසුව මෙම කොවිඩ් ආසාදිතයන් හදුනා ගෙන ඇති බවත්ය.

වසා දමා ඇති එම පිරිවෙන් විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලාට දානය පිලියෙල කිරිම එම විහාරස්ථානය තුලම සිදු කරන බවත් එම දාන කටයුතු සදහා අවශ්‍ය ද්‍රව්‍ය අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ලබා දිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts