පහළ වායුගෝලයේ කැලඹිලි තත්ත්වයක්

weather

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) සහ හෙට (22) දිනවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්වයක් හටගෙන ඇති බවයි.

ඒ අනුව මධ්‍යම, සබරගමුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවන බවද හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

Related posts