පානදුර – දකුණ ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 255ක්

corona

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,518 දෙනා ගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 391ක් දෙනෙක් වාර්තාවී තිබෙනවා. පානදුර – දකුණ ප්‍රදේශයෙන් ආසාදිතයින් 255ක්, වරකාගොඩ 22ක්, කළුතර – උතුර 13ක් සහ ඉත්තෑපාන ප්‍රදේශයෙන් ආසාදිතයින් 12ක් වාර්තා වී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 350 දෙනෙකු වාර්තා වී තිබෙනවා. බියගම 86ක්, කටුනායක 39ක්, ජා-ඇල 33ක්, වත්තල 20ක්, යක්කල 22ක්, මිනුවන්ගොඩ 17ක්, කොටදෙණියාව 19ක් සහ කැලණිය 18ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී 333 දෙනෙකු වාර්තා වී ඇත. ගල්කිස්ස 30ක්, පාදුක්ක 17ක්, පෑලියගොඩ 12ක්, දෙහිවල 27ක් සහ බම්බලපිටිය 21ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

ගම්පොළ ප්‍රදේශයේ ස්ථාන දෙකක දී බිම ඇද වැටීමෙන් හා පුද්ගලයන් දෙදෙනකු හදිසියේ මිය ගොස් ඇත.

ගම්පොල පොලිසිය පවසන්නේ එක් පුද්ගලයෙකු නුවර පාර කෝවිල අසලත් අනෙක් පුද්ගලයා රිවර්සයිඩ් ප්‍රදේශයේත් මෙසේ බිම ඇද වැටී මිය ගොස් ඇති බවයි.

මෙම මෘත දේහයන් සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත් එම පරීක්ෂණයෙන් පසු මරණයට හේතුව හෙළි වනු ඇති බවත් පොලිසිය කියා සිටියේය.

Related posts