කුකුලා අභිබවා ගිය ළුෑනු මාෆියාව බිද වැටේ

ආනයනික ලොකු ළුෑනු සදහා උපරිම මිලක් නියම කිරීමත් සමග වෙළදපොළේ ලොකු ළුෑනු මිල අඩු වී තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී ආනයනික ලොකු ළුෑනු අද අළෙවි කෙරුණේ කිලෝග්‍රෑම් එකක් රුපියල් 150 ත් 155 ත් අතර මිලකටයි.

පාලන මිලට වඩා වැඩි මිලට ලොකු ළුනු අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් ආරම්භ කල බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

රුපියල් 190 කට වඩා වැඩි මිලට ලොකු ළුනු අලෙවි කරන වෙළඳුන් සොයා මෙම වැටලීම් ආරම්භ කල බවයි එම අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා  කියා සිටියේ.

ආනයනික ලොකු ළුනු කිලෝවක් රුපියල් 175 බැගින් ලංකා සතොස අලෙවිසැල්වලින් මිලදී ගත හැකි බව එහි ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා පවසනවා.

පැවති ලොකු ළුෑනු මාෆියාව බිද දැමීම සම්බන්ධයෙන් රජයට කෘතඥ වන බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා.

සබැදි පුවත්

කුකුලා අභිබවා යෑමට රතු ළුෑණු සමත්වෙයි

Related posts