පුද්ගලික බසයක ගැටි අයෙකු මරුට

death

සිංහල හිංදු අලුත් අවුරුදු සැමරිම සදහා බඩු භාන්ඩ ලබා ගැනිමට හැටන් නගරයට පැමිනි පුද්ගලයකු පුද්ගලික බස් රථයක ගැටිමෙන් මිය ගොස් ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් මුලස්ථාන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් නගරයේ සුපිරි වෙලද සැලක් අසලදි මෙම පුද්ගලයා බස් රථයේ ගැටිමෙන් මිය ගොස් ඇති බවත්ය.

නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම අය අවුරුදු 29ක් පමන වයැසැති අයකු බවත් මෙකි පුද්ගලයා සිංහල හිංදු අලුත් අවුරුද්ද සැමරිම සදහා නිවසට අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිමට හැටන් නගරයට පැමිනි අවස්ථාවේදි පුද්ගලික බස් රථයක ගැටිමෙන් මෙසේ මිය ගොස් ඇති බවත්ය.

මිය ගිය අයගේ මල සිරුර පශ්චාත් මරණ පරික්ෂනය සදහා දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහලට ගෙන ගොස් ඇති බවත් අනතුර සම්බන්ද පුද්ගලික බස් රථයේ රියදුරු මේ වන විට පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවත් මේ පිලිබදව වැඩි දුර පරික්ෂන හැටන් මුලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් මෙහෙයවන වන බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts