පොලිස් ස්ථාන වැසෙයි

බියගම මීගස්වත්ත පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

ප‍්‍රදේශයේ මහජන සෞඛ්ය පරීක්ෂක කාර්යාලය පවසන්නේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ තවත් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම පියවර ගත් බවයි.

පොලිසියේ තවත් නිලධාරීන් 40ක් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතව තිබේ.

මොනරාගල ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තියත් සමග ඇතිමලේ පොලිස් ස්ථානය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරින්  57 දෙනෙකුගෙන් 16 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

Related posts