පොලීසියක 16කට කොවිඩ්

police

වෙන්නප්පුව පොලීසියේ සේවය කරන 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එම පොලීසියේ සැරයන්වරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගිය 02 වනදා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ගොස් ඇත.

එහිදී සිදුකර ඇති පරීක්ෂණයකදී ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අනුව වෙන්නප්පුව පොලීසියේ සේවය කරන සෙසු නිලධාරීන්ද PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබුණි.

Related posts