මල්වර මඟුල කොරෝනා මල මගුලක් කරයි

coronadelta

නිරෝධායන නීති නොතකමින් පැවති මල්වර උත්සවයක් සඳහා සහභාගීවී සිටි පවුල් 08 පුද්ගලයින් 50 දෙනෙකු දින 14ක ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවරගෙන තිබේ.

එම මල්වර උත්සවය නොර්වුඩ් ප්‍රදේශයේ නිවසක සංවිධානය කර ඇත.

එම උත්සවයට සහභාගී වූවන් ඔවුන් පදිංචි නිවාසවලම එලෙස නිරෝධායනය සඳහා යොමු කෙරුණු බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා සඳහන් කළේය.

 

Related posts