මහජනතාව එකතුවන රැස්වීම් හා උත්සව තහනම්

මහජනතාව විශාල වශයෙන් ගැවසෙන පොදු සහ පෞද්ගලික ප්‍රසිද්ධ රැස්වීම් මෙන්ම උත්සව වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකකට නතර කර ඇතැයි පොලීසීය පවසයි.
ඒ, වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මතයි.
ඒ පිළිබදව ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාව දැනුවත් කරන්නැයි පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී තිබේ.
එම නීති කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ ය.

Related posts