මහ මැතිවරණයට අලියා ලකුණින් එන්න එ.ජා.ප කෘත්‍යාධිකාරිය තීරණය කරයි

unp

ඉදිරි මහ මැතිවරණයේදී අලියා ලකුණින් තරග කිරිමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

එසේම එක්සත් ජාතික පක්ෂය හා ජාතික සමගි බලවේගය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් මෙහිදී තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නීතීඥ මණ්ඩලයක් වෙත වගකීම් පැවරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබිණ.

මහමැතිවරණය සඳහා නාමයෝජනා සැකසීමට එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා මණ්ඩලය මෙහිදී පත්කරගත් අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උපනායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, මහලේකම් අකිල විරාජ් කාරියවසම් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ කබීර් හෂීම් යන මහත්වරුන් එම නාමයෝජනා මණ්ඩලයේ සාමාජිකත්වය දරති.

Related posts