මහ වැසි.. තද සුලං.. ගස් කඩා වැටිම්… විදුලිය බිද වැටීම්..

weather satellite view

දිවයිවේ බොහෝ ප්‍රදේශලට  දැඩි සුලං තත්ත්වයක් පවති. මේ හේතුවෙන් ගස් කඩා වැටිම් හා විදුලිය බිද වැටීම් කිහිපයක්ම වාර්තා විය.

දැඩි සුලං තත්ත්වය ගිනිගත්හේන, නෝටන්බ්‍රිජ් , වටවල සහ හැටන් යන පොලිස් බල ප්‍රදේශවලට දැඩි බලපැමක් ඇති කර ඇති අතර , පවතින දැඩි සුලං තත්ත්වය නිසා අධි බලැති විදුලි රැහන් පද්ධති වලට විදුලි රැහන් කඩා වැටිම නිසා විදුලි රැහන් එකිනෙක පැටලිමෙන්  ප්‍රදේශ රැසක විදුලි බලය වරින් වර ඇණ හිටිමට ලක් වෙයි.

පවතින දැඩි සුලං තත්ත්වයත් සමග ගස් සහ අතු කඩා වැටිමේ අවධානමක් පවතින නිසා ඒ පිලිබදව සැලකිමත්ව කටයුතු කරන ලෙස  ආපදා කලමණාකරන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඇද හැලෙන අධික වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වය හේතුවෙන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින්ම ප්‍රධාන මාර්ගය ගස් සහ පස් කදු වැටිමෙන් රථ වාහන ගමනා ගමනයට තරමක බාධා පැමිණ ඇති බව ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

Related posts