රනිල් රට පනියි – රවී ඇතුළු 11කට විදෙස් ගමන් තහනම් වෙයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වී තිබේ.

අද රාත්‍රීයේ ඔහු විදෙස්ගතවී ඇත්තේ, ඩුබායි බලා පිටත්ව ගිය ඊ.කේ. 655 දරණ ගුවන් යානයෙනි.

මේ අතර හිටපු අමාත්‍ය රවී කරුණානායක, ඇතුළු 11 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කරනලදි.

අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, රංජන් හුළුගල්ලේ, මුත්තුරාජා සුරේන්ද්‍රන්, ආජාන් පුංචිහේවා, බුද්ධික සරත්චන්ද්‍ර, සංගරපිලේලෛයි පදුමනාපන් ,ඉන්දික සමන්කුමාර යන සැකකරුවන් විදෙස්ගතවීමේ ප්‍රවණතාවක් ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම විදෙස් ගමන් තහනම පැනවී ය.

Related posts