විල්පත්තුවේ අනවසර කෝමාරිකා වගාවට විරුද්ධව නඩු පවරයි

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය ආශ්‍රිතව අනවසරයෙන් කෝමාරිකා වගාවක් සඳහා භූමිය සැකසීම සම්බන්ධයෙන් ජාතික වනෝද්‍යානයේ උද්‍යාන භාරකරු චමත් ලක්ෂ්මන් පෙරේරා විසින් තඹුත්තේගම අධිකරණයේ මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම භූමිය එළිපෙහෙලි කිරීමේ කටයුතුවලදී වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය වීම හේතුවෙන් අදළ ආයතනයට විරුද්ධව මෙම නඩුව ගොනු කර ඇති බව සදහන් වෙයි.

අදාළ සමාගමේ ප්‍රධානීන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද සිතාසි නිකුත්කර ඇතැයි ද වාර්තාවේ.

සබැදි පුවත්

විල්පත්තුවේ අක්කර සියක් කෝමාරිකා වගාවකට කියා විනාශ කරයි

Related posts