වෙරළ තීරයට එක්වන ප්ලාස්ටික් ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළට

plastic

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ ගින්න හේතුවෙන් ශ්‍රී ලංකාවට තවත් නොසිතූ විරූ අභියෝගයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ, මෙරට වෙරළ තීරයට එක්වන ප්ලාස්ටික් ප්‍රතිශතය අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අභියෝගයයි.

මේවනවිටත් ශ්‍රී ලංකාව ලෝකයේ නම් දරා ඇත්තේ සාගරයට ප්ලාස්ටින එක් කරන රටවල් අතරින් ඉදිරියෙන්ම සිටින රටක් ලෙසයි. ඉකුත් වසරේ ප්‍රකාශිත වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව සාගරයට ප්ලාස්ටික් එක් කරන රටවල් අතර සිටියේ 05 වන ස්ථානයේයි.

ශ්‍රී ජයවර්ධපුර විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එම් පද්මලාල් කියා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුළ ප්ලාස්ටික් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය විශාල වශයෙන් අන්තර්ගතව තිබී ඇති බවයි. මෙය ශ්‍රී ලංකාවට ඉදිරියේදී දැඩි අභියෝගයක් එල්ල කරනු ඇති බව ඔහුගේ අදහසයි.

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ රසායනික් ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එම රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලැබෙන තෙක් ඉන් සිදුවිය හැකි හානිය ද ප්‍රකාශ කිරීම අපහසු බවයි විද්‍යාඥයින් පවසන්නේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පැවසුවේ නෞකාවෙන් විසිරී ඇති භාණ්ඩ හරහා දීර්ඝ කාලීනව පිළිකා ඇතිවීමේ අවදානමක් පවා ඇති බවයි.

Related posts