සුව වූ චීන කත ස්තුතිය පුද කර පිටව යයි

කොරෝනා වෛරසය ආසාදනයවී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව සුවය ලබා ඇති හෙයින් රෝහලෙන් නික්මගොස් තිබෙනවා.

ඇය කටුනායක බලා පිටත්ව යාමට පෙර තමන්ට ප්‍රතිකාර කළ සියළු දෙනාට විශේෂ ස්තුතියක් පුද කළා. ඇය රෝහලෙන් පිටව යන අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිද එක්ව සිටීම විශේෂත්වයක් වුණා.

දින 26 ක කාලයක් තමා රෝහලේ නේවාසිකව සිටි බවත්, ප්‍රතිකාරවලට පමණක් සීමා නොවූ සුදහශීලී සත්කාරයක් තමන්ට හිමිවූ බවත් ඇය එහිදී කියාසිටියා.

එමෙන්ම තමන්ට උපකාර කළ සියලු දෙනා මුණගැසීමට යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

 

 

Related posts