සෞඛ්‍ය අංශ ඉල්ලීම නොතකා නුවරඑළියට විශාල පිරිසක්

nuwaraeliya

සෞඛ්‍ය අංශ සිදුකළ ඉල්ලීම් නොතකා සතිඅන්ත නිවාඩුව සඳහා නුවරඑළියට විශාල පිරිසක් පැමිණෙමින් සිටී.

රට තුළ මේ වනවිට පවතින කොවිඩ් -19 ව්‍යාප්තියේ අවදානම සලකා එලෙස විනෝද චාරිකා සඳහා නොයන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණි.

නුවරඑළිය මහනගර සභාව විසින් මේ මස 30වන දින දක්වා පවත්වන වසන්ත උදානයට සමගාමීව එලෙස පිරිස් පැමිණ සිටි බව වාර්තා වේ.

නුවරඑළිය නගර සභා සිමාවේ පිහිටි නිවාඩු නිකේතන ද විශාල වශයෙන් දේශීය සංචාරකයින් ගෙන් පිරීගොස් ඇති බවද වාර්තා වේ.

Related posts