ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබේ.

ඒ, 2011 ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ය.

මෙම විමර්ශනයට අදාලව හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා පෙරේදා 30 දිනයේදී පැය 06 කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දෙනු ලැබූවා.

ඊයේ දිනයේදී 2011 ලෝක කුසලාන අවසන් මහ තරගයට ක්‍රීඩා කළ උපුල් තරංග පැය දෙකක කාලයක් ප්‍රකාශ ලබා දෙනු ලැබුවා.

Similar Posts