08 වන පාර්ලිමේන්තුව විසුරුවීමේ  ගැසට් නිවේදනය අද (2) මධ්‍යම රාත්‍රියේදී මුද්‍රණයට

parliament-of-sri-lanka

08 වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ගැසට් නිවේදනය අද (2) මධ්‍යම රාත්‍රියේදී මුද්‍රණය සඳහා  ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවෙනු ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරිමත් සමඟ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

පාර්ලිමේන්තුව අද (2) විසුරුවා හැරියහොත් මාර්තු මස 12 ත් 19 ත් අතර නාමයෝජනා කැඳවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනයේ සිට දින 52 ක් සහ 66 ක් අතර කාලයේදී ඡන්ද විමසීම පැවැත්විය හැකිය.

ඡන්ද විමසීම අප්‍රේල් මස 22 වැනිදාට පසුව මැයි මස 4 වැනිදා හෝ එදිනට පෙර පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අප්‍රේල් මස 25 වනදා මහමැතිවරණය පැවැත්වෙනු ඇති බවටයි.

මෙවර මහා මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුරයක් ඉවත්වී එය බදුල්ල දිස්ත්‍රික්කයට එකතු වීම විශේෂත්වයක්.

Related posts