නුවරඑළියට වැසි ආපදා – කාසල්රි හා මාඋස්සාකැලේ පිටාර මට්ටමේ – එළවලු වගාවන් විනාශයට

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාව හා සුලං තත්වයන් හේතුවෙන් මේ වන විට පවුල් 65ක පුද්ගලයන් 262ක් අවතැන්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 24වන දින සිට 26වන දින දහවල් 12වන වන විට වැසි හා සුලං තත්වයන් හේතුවෙන් ලැබි ඇති ආපදා තොරතුරු මත නුවරඑළිය, අඹගමුව, කොත්මලේ යන ප්‍රාද්ශීය ලේකම් බල ප්‍රදේශවල පදිංචි පවුල් 65ක පුද්ගලයන් 262ක් අවතැන්ව ඇති බවත් නිවාස 12කට අර්ධ හානි සිදුව ඇති බවත්ය.

මෙම ආපදා තත්වයන් හේතුවෙන් අවතැන්වු පවුල් 37ක පුද්ගලයන් 142 ක් එම ප්‍රදේශවල ආරක්ෂක ස්ථානවල රදවා සිටින බවත් අනිකුත් පිරිස් ඔවුන්ගේ ඥති නිවෙස්වල රැදි සිටින බවද එම නිලධාරියා පවසන ලදි.

මෙසේ අවතැන්ව සිටින පිරිස් සදහා සහන සැලසිමට නුවරඑළිය, කොත්මලේ, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් අවශ්‍ය  පියවර ගෙන ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට පවතින අධික වැසි හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශබාර නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම ජලාශ දෙකේ ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බවත් මෙම ජලාශවල ජලය උපයෝගි කර ගෙන උපරිම මට්ටමින් ජල විදුලිය නිපදවිමට කටයුතු කරන බවත්ය.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හා දැඩි සුලං තත්වයන් හේතුවෙන් බගවන්තලාව, ආගරපතන, ඩයගම ආදි ප්‍රදේශවල එලවලු වගාවන් විනාශයට පත් විමත් සමග එම ප්‍රදේශවල එලවලු ගොවින් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මේ පිලිබදව අදහස් දැක්වු එලවලු ගොවින් කිප දෙනකුම පවසන ලද්දේ පවතින වැසි හා සුලං තත්වයන් හේතුවෙන් තම එලවලු වගාවන් විනාශයට පත් විමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

තමන් නයට මුදල් ලබාගෙන මෙම වගාවන් සිදු කරන බවත් මෙසේ මෙම එලවලු වගාවන් විනාශයට පත් විමෙන් තමන් කබලෙන් ලිපට වැටි ඇති බවද ඔවුන් තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts