චූන් පාන් සහ සතිපොළ ඉවරයි

කොවිඩ් වසංගතයත්  සමග බිහිවු අළුත් වෙළද සංස්කෘතිය හේතුවෙන්  පලාත්පාලන ආයතවල ආදායම් මාර්ග රැසක අහිමිව  ඇතැයි පලාත් පාලන ආයතන නියෝජිතයින් කියති. කළුතර දිස්ත්‍රික්කය ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවල පලාත්පාලන ආයතනවල ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ  සතිපොළ බදු ආදායමය. නමුත් කොවිඩ් වසංගතයත් සමග  සතිපොළ වැසිගොස් ජංගම වෙළද රථ නිරිමාණය විමෙන් සතිපොළ ආදායම අහිමිවන තත්වයක් උදාවි ඇතැයි පලාත් පාලන ආයතන ප්‍රධානින් කියති.

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභා රැසක ප්‍රධාන ආදායම් මාර්ගය සතිපොළ බදු බව ප්‍රාදේශිය සභා සභාපතිවරුන් කියති.මේ වන විට කොවිඩ් අවදානම ලිහිල් කර සතිපොළ ආරම්භ කලත් සති පොළ බොහෝමයක  ප්‍රමාණවත් වෙළදාමක් නැතැයි වෙළෙදුන් මැසිවිළි නගති. මේ නිසා පොළ බදුකරුවන්ට අපේක්ෂිත බදු එකතුකරගැනිමට නොහැකිවී තිබේ.

වාර්ෂිකව  සතිපොළ බදු ගෙන ඇති තමන්ට මේ වන විට දිගින් දිගටම  ප්‍රමාණවත් ආදායමක් නැති නිසා ප්‍රාදේශිය සභා මගින් සහන ලබාදෙන්නැයි ද අදාල ගිවිසුම් ප්‍රකාර මුදල් ගෙවිය නොහැකියැයි  පොළ බදු කරුවන් කියති.

කළුතර දිස්ත්‍රික්කයේ බොහෝ ග්‍රාමිය ප්‍රදේශවලද මේ වන විට මාර්ග දෙපස තාවකාලික  මඩු හෝ  මග දෙපස  තබාගන එළවළු,කරවල, පළතුරු, මාළු, තුනපහ,ලුණු මිරිස්  හා ඇදුම් පැළදුම් පමණක් නොව  ග්‍රොසරි භාණ්ඩ පවා අලෙවිකරන අයුරු දැකගතහැකිය.  දෛනිකව සිදුකරන මෙම වෙළදාමෙන් කිසිම ආයතනයකට බදු නොගෙවන නිසාත් ව්‍යාපාරිකයින්ට තද බදයකින් තොරව දුරස්ථභාවයක් ඇතිව යන එන ගමන් භාණ්ඩ මිළ දි ගැනිමේ පහසුවක් ඇතැයි පාරිභෝගිකයින්  කියති.

“චූන් පාන්” ලෙස පුචලිත වු ජංගම පාන් අලෙවි රථ නිසා වෙළදසල්වල පාන් අලෙවිය නැත්තටම නැතිවි ගොස් අතර මේ වන විට කුඩා ලොරි, ත්‍රිවිලර් , යතුරු පැදි, මෝටර්ථ, ආදි වාහන වල ජංගම වෙළෙදුන් නිසා ජනතාව සති පොළටත්, ව්‍යාපාරික ස්ථාන වලටත් නොපැමිණෙන බවට වයාපාරිකයින් චෝදනා කරති.

පාරිභෝගිකයාට නිවසටම භාණ්ඩ ලැබෙන නිසාත් ව්‍යාපාරිකයා කිසිවෙකුටත් බදු, හෝ වෙනත් ගෙවිමක් ,අධික්ෂණයක් නැති නිසා තමන්ටත් පහසු හා වාසි දායකයැයි ව්‍යාපාරිකයින් කියති. මේ නිසා සාම්ප්‍රදායික  වෙළෙදුන්ට රැකියා අහිමි වි ඇති අතර පලාත්පාලන ආයතනවල ආදායම් අහිමිවන තත්වයක් උදාවි තිබේ.

එස්. පොද්දෙණිය – මිගහතැන්න

Related posts