COVID-19 ආසාදිත පළමු ලාංකීකයා මෙරටින් හමුවෙයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ 52 හැවිරිදි සංචාරක මඟ පෙන්වන්නෙක් වූ ශ්‍රී ලාංකිකයෙකු පළමු වරට මෙරටින් වාර්තා වී තිබේ.

මේ වනවිට අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව  එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මාධ්‍යඅංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, කොරෝනා වෛරසය හෙවත් COVID-19 ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts