කොවිඩ් ආසාදිතයින් ගණන 80,000ට ආසන්න වෙයි

corona

මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 80,000ට ආසන්න වී ඇතත් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 5,255 දෙනෙකු පමණක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඊයේ දිනය තුළ දී ද ආසාදිතයින් 518ක් හඳුනාගත් බවයි ඔහු කියා සිටියේ. ඒ අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 79,998ක් දක්වා ඉහළගොස් ඇත.

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 10 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 445 දක්වා ඉහළ යයි.

 

Related posts