දැව ජාවාරමක් වටලයි

dawa

ගලෙන්බිදුනුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඇල්ලවැව කුඩා ඔලුකලගල රජයේ රක්ෂිතයේ සිදුකළ මහපරිමාන දැව ජාවාරමක් වටලා සැකකරුවෙකු සමග දැව තොගයක් අත්අඩංගුවට ගැනීමට ගලෙන්බිදුනුවැව බීට්ටු වන නිලධාරි කාර්යාලයේ නිලධාරින්ට හැකිවි තිබේ.

ගලෙන්බිදුනුවැව ඇල්ලවැව කුඩා ඔලුකලගල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවව අයත් රක්ෂිතයක පිහිටි ගොවි වන වගාවකින් සැකකරුවන් විසින් කපා දැමූ දැව කදන් සියයකය අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අමතරව තවත් සැකකරුවන් කිහිප දෙනෙකු ජාවාරමට සම්බන්ධවි සිටිනා බව නිලධාරින් පවසයි.

රජයේ රක්ෂිතයේ ඇති විශාල තේක්ක ගස් කපා විකුණීමේ ජාවාරමක් සිදුවන බවට වන නිලධාරින්ට ලැබුණු තොරතුරු වලට අනුව ගලෙන්බිදුනුවැව පොලිසියේ විශේෂ කාර්යාංශයේ නිලධාරින්ගේත් සහය ඇතිව සිදුකළ මෙහෙයුමේදි සැකකරු සමග දැව තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවි තිබුණි.

සැකකරු ඇතුළු පිරිසක් අදාල රජයේ රක්ෂිතයේ පිහිටි තේක්ක ගස් විශාල ප්‍රමාණයක් පසුගිය දින කිහිපයේ කපා තැනින් තැන සගවා තිබියදි නිලධාරින්ට හමුවි තිබුණි.ප්‍රදේශයේ පදිංචි දැව ජාවාරම්කරුවක් පිරිසක් ගස් කපා දමා ඇති අතර ඔවුන් පසුව රාත්‍රී කාලයේ හොර රහසේ විවිධ ප්‍රදේශවලට දැව ප්‍රවාහනය කිරීමේ ජාවාරම සිදුකර තිබෙනා බවට නිලධාරින් සැකපහල කරයි.

රජයේ රක්ෂිතයෙන් කපා දැමිමෙන් පසුව සගවා තිබූ දැව කදන් සොයා ගැනීමෙන් පසුව ඒවා ට්‍රැක්ටර් රථ දෙකකින් ගලෙන්බිදුනුවැව බීට්ටු වන නිලධාරි කාර්යාලයට ප්‍රවාහන කර තිබුණි.

අත්අඩංගුවට ගත් දැව තොගයේ වටිනා කම මෙතෙක් තක්සේරු කර නොතිබුණි.ඇල්ලවැව කුඩා ඔලුකල ගම්මානයේම පදිංචිකරු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ ලබා ගැනිමෙන් පසුව බැදුම්කරයක් මත ඔහුව මුදාහැර තිබුණි.

සිතාසි ලද පසුව සැකකරුවන් කහටගස්දිගිලිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරියේ ඉදිරිපත් කරනා බව බීට්ටු වන නිලධාරි කාර්යාලය පවසයි.

ගලෙන්බිදුනුවැව බීට්ටු වන නිලධාරි කාර්යාලයේ බීට්ටු වන නිලධාරි උපාලි ක්ෂත්‍ර සහකාරවරුන් වන නිෂාන් අනුජ යන නිලධාරින් වැටලිම සිදුකර සැකකරු සමග දැව තොගය අත්අඩංගුවට ගෙන තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Related posts