හොර පාරෙන් කාබනික පොහොර කන්ටේනර් තුනක්

kabanika-pohora

රසායනික පොහොර තහනම සම්බන්ධයෙන් වන සමාජ කතිකාව ඉතා තීරණාත්මක තත්වයකට පැමිණ ඇති අතර ඊයේ රැස්වූ පාර්ලිමේන්තුවේදීද ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අදහස් දැක්වූහ.

මේ අතර සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මාධ්‍යය හමුවකදී අදහස් දක්වමින් පවසා සිටියේ මේ වන විට පිට රටින් ආනයනය කළ කාබනික පොහොර අඩංගු කන්ටේනර් තුනක් කොළඹ තොටළඟ පිහිටා ඇති ග්‍රේ ලයින් 2 කන්ටේනර අංගනයේ අසුරා තිබෙන බවයි.

රසායනික පොහොර තහනම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ මෙරට රසායනික පොහොර වල හිඟයක් නොමැති බවත් දැනටමත් රසායනික පොහොර මෙට්‍රික්ටොන් 40,000ක් තිබෙන බවත් ජනාධිපතිවරයාගේ තීන්දුවත් සමඟම පොහොර හංගා ඇති බවත්ය. එසේ හැංගූ පොහොර වැඩි මිලට විකුණුනන බවත් එළවළු සඳහා පොහොර දෙන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් බවත් පවසා සිටියේය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාගේ චෝදනාවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා පවසා සිටියේ මේ වනවිටත් සමාගම් 20ක් මෙරටට කාබනික පොහොර ආනයනය කරන බවත් චෝදනා කරණා අය මේ වනවිටත් කාබනික පොහොර ආනයනය සිදුවන දෙයක් බව නොදන්න බවත් පවසා සිටියේය.

කෙසේ වුවද රජය කාබනික පොහොර ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව අවධාරනය කළ අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරියේදී නයිට්‍රික් අවශ්‍යතාවක් ඇතිවුවහොත් නයිට්‍රේට් දියරය පමණක් ආනයනය කිරීමට පියවර ගන්නා බවද පැවසීය.

Related posts