කසිප්පු සහ අරක්කු වගේ නෙමෙයි අපේ ශක්තිය වර්ධනය කරන පානය

polpala

“ කසිප්පු සහ අරක්කු  වගේ නෙමෙයි කිතුල් රා කියන්නෙ අපේ ශක්තිය වර්ධනය කරන පානයක්. ජීව ශක්තිය , ලිංගික ශක්තිය සහ අපේ සියළු කාය ශක්තින්  කිතුල් රා වලින්  වර්ධනය කරන බව  කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුප පස්කුවල් මහතා කිවේය.

කප්රුකෙන් කප්රුකක්  දිප ව්‍යාප්තව පොල් පැළ ලක්ෂ 40 ක් සිටුවිමේ   සමාරම්භක  උත්සවයට සමගාමිව පසුගියදා මතුගම ,හොරවල, මඩවල විහාරස්ථානයේදි  ප්‍රදේශයේ ජනතාවට පොල් පැළ බෙදාදිමේ  උත්සවය අමතා  පාර්ලිමේන්තු මන්ත්‍රි අනුප පස්කුවල් මහතා මේ අදහස් ප්‍රකාශ කළේය.

“හැත්තැ හතේ දශකයෙන්  පස්සෙ පටන්ගත්ත    මධ්‍යසාර ක්‍රමය නිසා අගලවත්ත ආසනයේ පමෙණක් මේ වන විට  බාර් පහක් තියෙනවා.රට පුරාම බාර්  දානවා. රා වගේ නෙමෙයි  කසිප්පු  සහ අරක්කු කියන්නෙ අපේ ශක්තිය දුර්වල කරන පානයක්. මේවායින් අපේ කාය ශක්තිය, ලිංගික ශක්තිය ඇතුළු සියළු ශක්තින් දුර්වල කරනවා.

එක පැත්තකින් රසායනික ද්‍රව්‍ය මහා පරිමාණයෙන් යෙදිම නිසාත් අනෙත් පැත්තෙන් මධ්‍යසාර ඇතුළු මේ විස රට පුරා පැතිරවිමෙන් ජාතිය ක්‍රමාණුකූලව විනාශයට පත් කරනවා. මේ රටේ ශක්තිමත් ජාතිය දවසින් දවස ක්‍රම ක්‍රමයෙන් දුර්වල වෙලා රෝගින් බවට පත්වෙලා යනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ තින්දු තිරණ අරගන තියෙන්නෙ නිරෝගි ජාතියක්, නිරෝගි පරපුරක් බිහිකිරිම සදහායි.මේක පුද්ගලික උවමනාවක් නෙමෙයි. රසායනික පෝර සදහා රුපියල් මිලියන 100 ක්  වාර්ෂිකව පිට රටට ඇදිල යනවා. කිරි පිටි වලට වාර්ෂිකව මිලියන 55 ක් පිටරටට ඇදිල යනවා. මේ මුදල් ඉතිරි කරගන  කාබනික පෝර නිෂ්පාදනය කර ජාතියක් ලෙස  මේ රටේ ගොවි බිම් වගා කළ හැකියි.

රසායනික පෝර වෙනුවට කාබනික පෝර හදුන්වාදිම  එක රැයෙන්  ගත්ත තින්දුවක් නෙමෙයි. හදිසියේ ගත්ත තින්දුවක් නෙමෙයි. අවුරුදු විස්සකට පෙර ගන්න තිබුණු තින්දුවක්  කවුරුවත් ගත්තෙනෑ.යුද්ධයත් අවුරුදු 30 ක් තිබුණා අවසාන අවුරුද්දෙ තමයි අවසන්කලේ.

අවසාන අවුරුද්දෙ යුද්දෙ අවසන් කරන්න මල්ටි බැරල් ගේන කොට, අවි ආයුධ ගේන කොට පහර දෙන්න කියල මහින්ද රාජපක්ෂ මහත්තය  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එදා අණ දෙන විට  කලබල වෙන්න එපා, මේක එකපාරට කරන්න බෑ.,අපි ඉවසන ජාතියක්,කියල  කල් මැරුවනම්, පස්සට ගියානම් යුද්ධය අවසන් කරන්න ලැබෙන්නෙත් නෑ.

මේ රටේ  වගාවන් කාබනික පොහොර කිරිම  නිළධාරින්ට දුන්නොත් අපි  මේක අවුරුදු පහකින් කරමු, අවුරුදු හයකින් කරමු කියල  කියනවා. පස්සට යෑම, කල් මැරිම ජාතියේ හැටියක් වෙලා තියෙනවා.අවුරුදු හතරයි මාස නමයක් ගියාට පස්සෙ තමයි එයාල වැඩේ පටන්ගන්නෙ. නිළධාරින් විතරක් නෙමෙයි  අපේ බොහෝ දේශපාලඥයිනුත් එහෙම තමයි.අනෙකුත් ජනතාවත් එහෙමයි.ඒ නිසා අති ගරු ජනාධිපත්තුමා ඉලක්කයක් දිල තියෙනවා.

අපේ රටේ ඇතැම් උගත්යැයි කියන මහත්වරුන් පවා කාබනික වගාව පිළිබද පට්ට පල් බොරු ජනතාවට කියනවා. ලෝකෙ කොහෙවත් කාබනික වගාව නැහැ කියනවා.  ඔස්ට්‍රියාවෙ සියයට 25 ක් භුමි ප්‍රමාණය වගා කරන්නෙ කාබනික  පොහොර යොදලයි.

ඕස්ට්‍රේලියාවේ හෙක්ටයාර මිලියන 35ක් සහතිකලත් කාබනික ක්‍රමයට වගා කරනවා. ආජන්ටිනාවෙ හෙක්ටයාර් මිලියන එකයි දශම හයක් කාබනික ක්‍රමයට වගා කරනවා. අමෙරිකාවෙ යුරෝ මිලියන 105 ක දැවැන්ත වෙළදපලක් කාබනික වගාවන් සදහා තිබෙනවා.

අනුරාධපුරයේ පමණක්  වකුගඩු  රෝගින් ලක්ෂ එකහමාරකට  වැඩියෙ ඉන්නවා.අනූව දශකයෙන් ආරම්භ වෙලා වාර්ෂිකව විශාල පිරිසක් මේ පොලිමට එකතු වෙනවා. අවුරුදු පතා දහස් ගණනක් මිය යනවා. තවත් දස දහස් ගණනක් සදාකාලික රෝගින් වෙනවා.මේ කළුතර නාගොඩ රෝහලෙත් දැන් වකුගඩු රෝගි අංශයක් ආරම්භ කර තිබෙනවා.

මේක රට පුරා පැතිරෙමින් තිබෙනවා. දිය වැඩියාව සියයට දහය ඉක්මවා ඉහළ ගොස් තියෙනවා.අසු පහේ දහකයෙන් පසු පිළිකා රෝගය සියයට  සියක වර්ධනයක් ඇතිවෙලා තියෙනවා.මේ විදිහය සමස්ත ජාතියම රෝගින්වෙනවා.

තේ වගාවට, කුඹුරට පොහොර අවශ්‍යයි. ප්‍රශ්න තියෙනවා.මේවාට විසදුම් ක්‍රමානුකූලව කෘෂි කර්මාන්තයෙන් සුදානම් කරල ක්‍රියාත්මක කරනවා. ප්‍රශ්න වලට විසදුම්දෙමින්  දුෂ්කර ගමනක් යා යුතු වෙනවා. විදේශකයින් දෙන පෝරටික, කෑමටික කාල ක්‍රමයෙන් ජාතිය රෝගින් වෙලා , වද වෙලා යන ගමන නතර කිරිමට ගත්තමේ අභිත තින්දුව  අභියෝගාත්මකයි.

ඒ අභියෝග ජය ගැනිමට අපට, රජයට හැකියාව තියෙනවා. දොරින් දොරට  කප් රුක පොල් පැළ  ලක්ෂ 40 ක් සිටුවිමේ ජාතික වැඩ පිළිවල සෞභාග්‍යෙයදැක්ම මේ මහපොලවෙ යථාර්තවත් කරන  වැඩ පිළිවලක් එය  සාර්ථක කර ගැනිම සදහාත්  වස විසෙන් තොර රටක්  සදහාත්  යන ගමනට අප සියළුදෙනා එක්විය යුතුයි.

එස්. පොද්දෙණිය – මිගහතැන්න

Related posts