කොතලාවල පනත ඉරා දමන ලෙස බලකරමින් උද්ඝෝෂණ

අධ්‍යාපනය මිලිටරිකරණය කිරීම සදහා සම්මත කරගැනීමට යන කොතලාවල පනත ඉරා දමන ලෙස බලකරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසක්  පොල්ලොන්නරුව කදුරුවෙල මධ්‍යම බස් නැවතුම්පළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක යෙදුණ හ.

පෞද්ගලික විශ්ව විද්‍යාල නීති ගත කරන මෙම කොතලාවල පනත වහාම අකුලා ගන්නා ලෙසත් නිදහස් අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීම නොකරන ලෙසත් ඔවුහු බලකර සිටිය හ.උද්ඝෝෂකයෝ පැය 2 ක පමණ කාලයක් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම විරෝධතාව පැවැත්වූ අතර පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ මධ්‍යම කාරක සභික ආර්.කේ ඉන්ද්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Related posts