ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා අනාරක්ෂිතව සහ නොසැලකිලිමත් අන්දමින් කටයුතු කළහොත් මේ වනවිට රට තුළ පවතින තත්ත්වය හමුවේ අනිවාර්යෙන්ම කොරෝනා රැල්ලක් නිර්මාණය වනු ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
බි‍්‍රතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය මෙරටද හඳුනා ගැනීමත්, දැනටමත් කොළඹ නාගරික සීමාවෙන් නව වෛරසය ආසාදිතයින් දෙදෙනකු වාර්තා වීමත් සමග මෙවන් භයානක තත්ත්වයක් ඇති වීමේ පෙරනිමිති පහළ වී ඇත.
බි‍්‍රතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන්ගේ ආශ‍්‍රිතයන් හඳුනා ගැනීම සඳහා දැනටමත් සෞඛ්‍ය අංශ පුළුල් පරීක්ෂණයක් ද අරඹා තිබේ.