කදුරුවෙල වැසෙයි

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් අද (19) දා සිට ලබන (24)දා දක්වා දින දින 06ක් කදුරුවෙල නගරයේ ඖෂධ හල් හැර සෙසු සියලු වෙළද සැල් වසා දැමීමට වෙළද සංගමය විසින් තීරණය කර ඇත.

මේ පිළිබදව සියලු වෙළදසැල් හා ව්‍යාපාරික ප්‍රජාවත් කඩසාප්පු හිමියනුත් දැනුම්වත් කර ඇති බවත් කදුරුවෙල නගරයේ ව්‍යාපාරික ප්‍රජාවත් පාරිභෝගිකයිනුත් කොරෝනා වසංගත තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම තීරණය වෙළද සංගමය විසින් ඒකමතික ව ගත් බව එම සංගමය පවසයි.

කදුරුවෙල වෙළද සංගමයේ අනුශාසක උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක කදුරුවෙල ජයන්තී විහාරාධිපති පූජ්‍ය පාද කදුරුවෙල ධම්මපාල නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම තීරණය ක්‍රියාත්මක බව ද වෙළද සංගමය දැනුම් දෙයි.

අද (19) උදෑසන සිට කදුරුවෙල නගරයේ රාජ්‍ය ආයතන, බැංකු හා ඖෂධ හල් හැර සියලු කඩ සාප්පු වසා දමා ඇති අයුරු මෙම ඡායාරූපවලින් දැක්වේ.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Related posts